සැනසුම තිළිණ පත්

ඔබේ ආදරණීයන්ගේ සැනසුම වෙනුවෙන් වටිනා තිළිණයක්!

සැනසුම තිලිණ පත්, මාර්ගගත උපදේශනය (online counseling )වඩාත් අවැසි ඔබේ ආදරණියන්ට රහස්යභාවයෙන් යුක්තව උපදේශනය ලැබීමේ අවස්ථාවක් ලෙස භාවිත කළ හැකිය.

වෘත්තීය මාර්ගගත උපදේශනය

ඔබේ ආදරණීයයන්ට තමාට හුරුපුරුදු සුවපහසු පරිසරයේ සිට විශේෂඥභාවයකින් යුතු මනෝ චිකිත්සයින්ගේ නිසි මඟපෙන්වීම හා සහාය ලබාගැනීමට මින් මහඟු අවස්ථාවක් ලැබේ.

ඩිජිටල් බෙදාහැරීම

ඔබේ ආදරණීයන්ට අත්‍යවශ්‍යම මොහොතේදී ඔබ ඔවුන් පිළිබඳව කෙතරම් සැලකිලිමත්ද යන්න පෙන්වීමට ඉතා ඉක්මනින්, පහසුවෙන්, සහ ආරක්ෂිතව වට්ස්ඇප් හෝ විද්‍යුත් තැපෑල මඟින් මෙම තිළිණපත් ඔවුන්ට යැවිය හැක.

භාවිතා නොකළ තිළිණ පත් සඳහා මුදල් ආපසු

ඔබේ ආදරණීයන් මෙම තිළිණ පත් භාවිත නොකිරීමට තීරණය කරන්නේ නම්, තිළිණ පතෙහි වටිනාකම ආපසු ලබා දීමට බැඳී සිටින්නෙමු.*

*තිළිණ පතෙහි වටිනාකම ආපසු ලබාදෙන විට තිළිණ පතෙහි වටිනාකමෙන් රුපියල් 500 ක් සැකසුම් ගාස්තුව ලෙස අය කරනු ලැබේ. පැහැදිලිව ඔබගේ ඉල්ලීමට අදාළ තොරතුරු ඉදිරිපත් කිරීමට අපොහොසත් වුවහොත්, ආපසු මුදල් ගෙවීම මිලදී ගැනීම සිදු කළ ගිණුමටම පමණක් සිදුකරනු ලැබේ.

තිළිණ පත් මිලදී ගන්නේ කෙසේද?

අපගේ මාර්ගගත පෝරමය පිරවීම හරහා, සරල පියවර තුනකින් ඔබට සැනසුම උපදේශන තිළිණ පත් මිලදී ගෙන තෑගි කළ හැකිය.

පළමු පියවර: ඔබේ වවුචරය තෝරා ඔබ අභිමත පරිදි වෙනස් කරගන්න

උපදේශන සැසි වර්ගය තෝරන්න. ඔබට ඔබගේම පණිවිඩයක් තිළිණ පතට එක් කළ හැකිය, නැතහොත් තිළිණ පතට අප සැකසූ පණිවිඩය භාවිතා කළ හැකිය.අවශ්‍ය තොරතුරු පුරවා පෝරමය ඉදිරිපත් කරන්න.

දෙවන පියවර: ගෙවීම සිදු කරන්න

අදාළ ගෙවීම සිදු කර වට්ස්ඇප් හෝ විද්‍යුත් තැපෑල හරහා අපට එහි රිසිට්පත එවන්න. මිල ගණන් මෙතැනින් සොයාගත හැකිය. ඔබට ගෙවීම් විස්තර මෙතැනින් සොයාගත හැකිය.

තුන්වන පියවර: බෙදාගැනීම සහ සහාය

ගෙවීම තහවුරු කළ පසු, ඔබට මාර්ගගත තිළිණ පත ලබාදෙනු ඇත. සෑම තිළිණ පතකටම අනන්‍ය වූ හඳුනාගැනීමේ කේතයක් ඇති අතර ඔබ මුදල් නැවත ලබාගැනීමේදී එම කේතය අපට එවිය යුතුය.