ඉපදුන දවසේ ඉදන්ම, සමහරවිට ඉපදෙන්න කලින් ඉදලම අපේ දෙමාපියන් උත්සාහ කරන්නෙ අපිට හොද අනාගතයක් හදන්න. බොහොම සතුටුදායී ජීවිතයක් දෙන්න.අධ්‍යාපනය තමයි එතනදි මූලීකත්වය ගන්නේ. ශිෂ්‍යත්වය සමත්වෙන්න උත්සහ දරන තැන ඉදන් සරසවියකට යන්න උත්සාහ දරන තැන දක්වාම අපිව ඇදගෙන යන්නේ “ලස්සන සතුටුදායී අනාගතයක්” කියන හීනය. කොහොම උනත් මේ අධ්‍යාපන රටාවේ අවසානය වෙන්නෙ රැකියාව කියන තැනින්. මං මේ කියන කතාව පටන් ගන්නේ මෙතනින්.

සතුටින් ජීවත්වෙන්න හිතාගෙන අපි රැකියාවකට යනවා. සාමාන්‍යයෙන් අපි රැකියාවකට ගියාම එතන අපි අපේම කරගන්නවා. මං මේක වෙනුවෙන් මගේ දාඩිය මහන්සිය කැප කරන්න ඕනේ කියලා හිතනවා. එතන ඉන්න අනිත් අයට තමන්ගෙම පවුලෙ අයට වගේ, හොදම යාලුවන්ට වගේ සලකනවා. කොටින්ම රැකියාව අපේ ජීවිතේම වෙනවා. මේක හරිම ධනාත්මක හොද දෙයක් නේද? ඔබට මොකද හිතෙන්නේ?
ඔබ විශ්වාස කරයිද දන්නේ නෑ… සමහරු ඉන්නවා තමන්ගෙ දෙමාපියන්ව, බිරිදව-ස්වාමියාව, දරුවන්ව අමතක කරලා තමන්ගේ රැකියාවට මුල්තැන දෙන අය.රැකියා ස්ථානයේ අයට පවුලේ අයට වඩා සලකන. හැබැයි දවසක් එනවා මේ ධනාත්මක හැගීමම අපිට විනාශය අරන් එන.
ඒක වෙන්නෙ මෙහෙමයි, අපි ජීවිතේ වැඩිම කාලයක් ගතකරන්නෙ අපේ රැකියාව සම්බන්ධ දේවල් එක්ක. එතකොට අපි රැකියාව හා බැදෙන එක සාධාරණයි. නමුත් ආයතනයකට අපිව සේවකයෙක් විතරමයි. වෙනද අපි කරන වැඩටික අපිට කරන්න බැරුව ගියොත් දවසක් බලයි, දෙකක් බලයි, උපරිම තුනක් බලයි. එතනින් එහාට ඔවුන් ඔබට warning එකක් දෙනවා. “තමුන්ට මෙතනට අවශ්‍ය විදිහට වැඩකරන්න බැරිනම් කියන්න අපි වෙන කෙනෙක් ගන්නම්” කියලා.

මේක තමයි යථාර්ථය! ආයතනයකට ඔබ සේවකයෙකු විතරයි. අනවශ්‍ය බැදීම් හරහා වෙන්නෙ සිත් රිදීම් පමණමයි. ඔබට රැකියාව අහිමි උනදාට නැවතත් ඔබට යන්න වෙන්නෙ ඔබේ දෙමාපියන් ළගට, ඔබේ ස්වාමියා- බිරිද ළගට, දරුවො ළගට.
ඒ නිසා තමන් රැකියාව කරන ස්ථානයෙන් තමන්ට තමන්ගෙ සේවයට සරිලන වැටුපක් ලැබෙනවනම්, තමන් බොහොම කැපවීමෙන් ඒ තමන්ගෙ යුතුකම ඉටු කලාම ප්‍රමාණවත් කියලයි මට හිතෙන්නෙ. එතනින් එහාට ආයතනයෙන් තමන්ට කොච්චර වටිනාකමක් දෙනවද, තමන්‍ට කොච්වර කැමතිද, තමන්ට කොච්චර වරප්‍රසාද දෙනවද, තමන් එක්ක කොච්චර හිතවත්ද වගේ කාරණා හිතලා ඒවා හොයන්න ගියොත් අපිට දැනෙන්නෙ ගොඩක් වෙලාවට කළකිරීමක් විතරමයි.
ආයතනයක් තුළ ඔවුන්ට අවශ්‍ය දේ ඔබෙන් නොලැබෙනවානම් ඔබ වෙනුවට වෙනත් කෙනෙකු ආදේශ කිරීම ඔවුන්ට බොහොම සුළු දෙයක්. ආයතනයක් හැමදාම සේවකයෙකුගේ අඩුව පුරවගන්නවා මිස ආයතනය වහලා දාන්නේ නෑ.
තේරුනේ නැත්තන් හොදට අහගන්න ” ඔබ නැති උනා කියලා ආයතන වහලා දාන්නේ නෑ, ඒ වෙනුවට වෙන කෙනෙක් ගන්නවා විතරයි”. ඒ නිසා රැකියාව ජිවිතේම කරන් ඔබේ ලස්සන වර්ථමානය විනාස කරගන්න එක අපරාදේ.
ඒ නිසා රැකියාව වෙනුවෙන් වගේම ඔබ ඔබ වෙනුවෙන්, ඔබේ ආදරණීයන් වෙනුවෙනුත් කාලයක් වෙන් කරන්න අමතක කරන්නෙපා!!! නැත්තන් පසුවට හුගාක් දුක හිතෙයි. මෙහෙම හිතන කෙනෙක්ට යම්හෙයකින් රැකියාව මාරු කරන්න උනොත්, රැකියාවෙන් ඉවත් වෙන්න උනොත් ඒක හරිම පහසුවෙන් කරන්න පුලුවන් වෙනවා. රැකියාව කරගෙන යද්දී උනත් හරි පහසුවක් දැනෙයි!
සටහන:
පී.එම්. බී අචිනි පූර්ණිමා ද සිල්වා
ලියාපදිංචි මනෝ උපදේශිකා
“සැනසුම” මනෝ උපදේශන සේවාව
සිතුවම් Unsplash.com වෙබ් අඩවියෙනි